ඉන්දීය හමුදාපති, ලුතිතන්වරයකු ලෙස සේවය කළ මෙරට කඳවුර බලන්න යයි


(අමදෝරු අමරජීව)

1987 වර්ෂයේ ඉන්දීය සාම සාධක හමුදාවේ ලුතිතන්වරයකු ලෙස කටයුතු කළ ඉන්දියාවේ වත්මන් යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා ලුතිතන්වරයකු ලෙස ඔහු මෙරට සේවය කළ ත්‍රිකුණාමලය හතර කණුව  කඳවුර තිබූ ස්ථානය දැක බලා ගැනීමට  අද පැමිණියේය. 

ඔහු සේවය කළ එම කඳවුර පිළිබඳව ඔහු සමග ආ සෙසු නිලධාරීනට පැහැදිලි කළ ඉන්දීය යුද හමුදාපතිවරයා  එක් අවස්ථාවක  කොටි ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ  ප්‍රහාරයක් මැඩ පැවැත් වූ අයුරු මෙහිදී සිහිපත් කළේය. 

ඊට අමතරව ත්‍රිකුණාමලය දිසාපති නිල නිවස තිබූ ස්ථානයේ එකළ ඉන්දීය කඳවුරක් පිහිටුවා තිබූ බවත් එම ස්ථානය ද ඉන්දීය යුද හමුදාපතිවරයා නිරීක්ෂණය කළේය.