(තිළිණි ද සිල්වා)
ඉන්දියාවේ විශාකාපට්නම් හි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවකට ලිංගික අතවර සහ හිංසා කළා යැයි චෝදනා යටතේ එහි සේවය කළ ශ්‍රී ලාංකිකයකු ඇතුළු දෙදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්සේවය අද (20) වාර්තා කළේය.
මෙලෙස ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් වනුයේ එම්.ශ්‍යාම් සුන්දර් නැමැති තිස් හැවිරිදි ලාංකිකයෙකි. මොහු විශාකාපට්නම් හි පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවේ විධායක නිලධාරියකු වශයෙන් සේවය කරන්නෙ කි.
එම ඇගළුම් සේවිකාවට හිංසා සිදු කිරීමේ චෝදනා යටතේ අත්ඩංගුවට පත් දිලීප් පින්ටෝ නැමැති ඉන්දිය ජාතිකයා එම කර්මාන්ත ශාලාවේ සාමාන්‍යධිකාරීවරයා බැව් පැවසේ.
මොවුන් දෙදෙනා අතින් ලිංගික අතවරයට සහ හිංසාවට පත්ව ඇත්තේ විශාකාපට්නම් හි මල්කාපුරම් ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය මීට දින කිහිපයකට පෙර විශාකාපට්නම් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ඉන්දීය ජාතිකයා විසින් තමන්ට නිරන්තරයෙන් ලිංගික අතරවර කළ බවත්, ඉන්පසුව ලාංකික විධායක නිලධාරියා විසින් ඉකුත් ජනවාරි මාසයේදී තමන්ට හිංසාවන් සිදු කළ බවද එම කාන්තාව විසින් ගොනු කළ පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ.