හර්ෂණ තුෂාර සිල්වා
ඉන්දියානු සාගර කලාපයේ ඇති විය හැකි අර්බුදකාරී තත්ත්ව වැළැක්වීම සඳහා නව උපායමාර්ග කෙරෙහි අවධානය යොමු කරන්නැයි රජය නාවික හමුදාවට දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) ප්‍රකාශ කළේය.
එහිදි විශේෂයෙන්ම සබ්මැරීනවලින් එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද රජය නාවික හමුදාවට දන්වා ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා කීය. අර්බුද හා මතගැටුම් වළක්වාලමින් ඉන්දීය සාගර කලාපයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීම එහි ප්‍රධාන අරමුණ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු කිරීමේ ආයතනයේ’ පශ්චාත් ඩිප්ලෝමා සහ සහතික පත්‍ර බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන දේශනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද කීය.
“ඇමෙරිකා එක්සත් ජනපදය ‘ඉන්දු ශාන්තිකර’ යනුවෙන් ඉතා හොඳ නව සංකල්පයක් හඳුන්වා දී තිබෙනවා. ආසියා ශාන්තිකර කලාපය යන්නට අමතරව මෙය හඳුන්වා දී තිබෙනවා. චීනය හිතනවා මෙය ඔවුන් සීමා කරන්න කියලා. නමුත් එවැන්නක් නැහැ. අපත් මෙයට හසු වී සිටිනවා.
අපි හම්බන්තොට වරාය ‘චයිනා මර්චන්ට්’ සහ වරාය අධිකාරිය සම්බන්ධ කරගනිමින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් බවට පත්කළා. ඒ වගේම වරාය නගරය ඉදි වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තිබෙන්නේ ශ්‍රී ලංකා රජය යටතේ බව නැවත නැවත් අවධාරණය කළ යුත-ුයි. අපි ‘චයිනා මර්චන්ට්’ සමාගම සමඟ අත්සන් කළ ගිවිසුමේත් ඒ බව හොඳින් සඳහන්ව තිබෙනවා. එම සමාගම ද එය පිළිගෙන තිබෙනවා. ආගමන විගමන පාලනය, රේගුව සහ ආරක්ෂාව යනාදි සියල්ල තිබෙන්නේ ශ්‍රී ලංකා රජය යටතේ. ඒ වගේම දකුණේ අණදෙන මධ්‍යස්ථාන ගාල්ලේ සිට හම්බන්තොට වරායට ගෙන යනවා.
අපි හම්බන්තොට වරායේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා. ඒ නිසා අපි නාවික හමුදාවට නව උපායමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි දැනුම් දී තිබෙනවා. චීනයට හම්බන්තොට වරාය කඳවුරක් ලෙස භාවිත කරන්න ඉඩක් නැහැ. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළ කටයුතු ඉන්දියානු සමාගමක් හා එක්ව කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ නිසා චීනය තමයි ඔක්කොම කරන්නේ කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධාන පාර්ශව සියල්ල සාකච්ඡා මේසයට ගෙන ඒම අපේ අරමුණයි”.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා