(මනෝජ් හර්ෂික)
ඉන්දීය රජයෙන් ලබා ගත හැකි සෑම උපකාරයක්ම ලබා ගනිමින් මෙරට නිවාස ගැටලුවෙන් පීඩා විඳින අසරණ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරන්නට ඇප කැප වී කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (14) පැවසීය.
මෙරට නිවාස ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබා දීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා පසුගියදා මෙරට සිදු කළ සංචාරයේදී තමන්ට පැවසූ බවත් එහිදී අමාත්‍යවරයා කීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම, සඳුන්ගම ප්‍රදේශයේ ඉදිකළ “සහසරගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (14) දින සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ පැවැසීය.

