ඉන්දීය යොවුන් කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකාව කඩුලූ 1 කින් පරදවති


ඉන්දියාවේ විසාකාපට්ටම්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ සිවුකොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ ඉන්දිය පිල අතර පැවැති තරගයෙන් සත්කාරක ඉන්දිය පිල කඩුලූ 1 ක තියුණු ජයක් ලැබුහ. ජයග‍්‍රාහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය පිලේ කඩුලූ 9 ක් ලකුණු 157 කට බිද වැටී අසීරු තත්ත්වයක පසුවිය. එහිදී පන්දුවට පහර දුන් ආර්. කලාරියා සහ කමල් පාස්සි ලකුණු 28 ක සම්බන්‍ධතාවයක් පවත්වමින් ඉන්දිය පිලට ජය ගෙන දුන්හ. තරගයේදී ෂෙහාන් ප‍්‍රනාන්දු හතරේ පහර 11 ක් සමග ලකුණු 70 ක් ලබා ගත්තේය. ඉන්දියාව, ශ්‍රී ලංකාව,  ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ. ශ්‍රී ලංකා පිල  ඕවර 50 කදී කඩුලූ 9 ට 184 (ෂෙහාන් ප‍්‍රනාන්දු 70, පුලින තරංග 24, ළහිරු මධුෂංක 21, සංදීප් ෂර්මා 38/4) ඉන්දිය පිල  ඕවර 49 කදී කඩුලූ 9 ට 185 (හනුමන් විහාරි 51, ආර්.කලාරියා නොදැවී 47, උන්මුක්ට් චාන්ද් 28, තරිඳු කෞෂාල් 26/4, ළහිරු මධුෂංක 24/2, සනිත ද මෙල් 36/2)