ඉන්දීය යුධ හමුදාපති දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල්  මනෝජ් මුකුන්ද් නාරාවේන් (Manoj Mukund Naravane) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද(12) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

එතුමා සමග දූත පිරිස ලෙස එරට යුධ හමුදාවේ උසස් නිලධාරීන් තවත්  සිව් දෙනෙකු ද පැමිණ සිටියහ.

මෙම ඉන්දීය යුධ හමුදා පිරිස අද(12) උදෑසන 11.05ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.