ඉන්දීය ධීවරයෝ 23ක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)

යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ බව කියන ඉන්දීය ධීවරයින් 23 දෙනකු සමග ට්‍රෝලර් යාත්‍රා 05ක් අද (12) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

අදාළ ඉන්දීය ධීවර යාත්‍රා උතුරු නාවික විධාන මූලස්ථානයට අයත් යාත්‍රාවකට නිරීක්ෂණය වී තිබිණි.

ඔවුන් සතුව තිබූ මාළු තොගයද අත්අඩංගුවට ගෙන ඇති අතර ධීවරයින් පිරිස යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙත බාරදීමට පියවර ගෙන ඇත.