ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් පස් දෙනා නිදහස් කරගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස තමිල්නාඩු විපක්ෂ නායක එම්.කේ .ස්ටාලින් ඉන්දීය අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
තමිල්නාඩු විපක්ෂ නායක පෙන්වා දෙන්නේ එළැඹෙන සතියේදී කෙරෙන ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී මේ පිළිබදව දැඩි අවධානය යොමුකළ යුතු බවය. ධීවරයින් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදා බාරයේ සිටින යාත්‍රා 134 ද වහාම මුදා හැරීමට කටයුතු කළයුතු බවද තමිල්නාඩු විපක්ෂ නායකවරයා ඉන්දීය අගමැතිවරයාට පෙන්වා දී තිබේ.
මේ වන විට ධීවර ප්‍රශ්නය ඔඩුදුවා ඇති හෙයින් ඔවුන් කඩිනමින් නිදහස් කරගැනීමට ඉන්දීය රජය මැදිහත් විය යුතු බව ස්ටාලින් මහතා පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවේ සිටින ධීවරයින් පස්දෙනාට අමතරව තවත් ඉන්දීය ධීවරයින් හතරදෙනෙකුට ඔවුන් විසින් පහර දී ඇති බවට තමිල්නාඩු විපක්ෂ නායකයා චෝදනා කර සිටී.තමිල්නාඩු විපක්ෂ නායක වන්නේ තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිවරයෙකු හා ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායක එම්.කරුණානිධි ගේ පුත්‍රයෙකුය.
- 125

