ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 20දෙනකු යළි එරටට භාර දීම අද(27) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කළ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.
එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 404 මුර සංචාරක යාත්‍රාව එක් වූ අතර, ඔවුන් අද දහවල් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අමේයා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කරන ලද බව නාවික හමුදා නිවේදනයේ සඳහන් වේ.



(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)

