ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දිය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (8) පවත්වනු ලැබූ බව ඉන්දියාවේ පළවන ‘‘ ද හින්දු ‘‘ පුවත්පත වාර්තා කර සිටී.
නවදිල්ලි නුවරදී පවත්වා ඇති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා බලධාරින් විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සහ ධිවර බෝට්ටු රාජසන්තක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන පියවරයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවූ බවද වාර්තාවේ.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුදුචෙරි ප්‍රධාන අමාත්‍ය වී. නාරායන්ස්වාමි මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධිවරයින් පස් දෙනා සහ සහ ධීවර බෝට්ටු 134 නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියගේ මැදිහත්වීම අපේක්ෂා කරන බවය.
- 125

