(රොමේෂ් මධුෂංඛ)
තලෙයිමන්නාරම මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දියාවේ රාමේශ්වරන් පළාතේ ධීවරයින් 19 දෙනෙකු ලබන අප්‍රේල් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මන්නාරම දිසා විනිසුරු ඒ.ජේ.ඇලෙක්ස් රාජා මහතා ඊයේ (1) නියෝග කළේය.
එතෙක් එම ධීවරයින් පිරිස වවුනියාව බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද දිසා විනිසුරුවරයා නියෝග කොට සිටි අතර මේ ධීවරයින් පිරිස පැමිණි යාත්‍රා හතරක්ද අත්අඩංගුවට ගෙන දැනට මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය බාරයට පත් කොට තිබේ.
පසුගිය 30 වැනි දා අලුයම අත්අඩංගුවට පත්වීමෙන් පසුව නාවික හමුදාව ඔවුන්ව තලෙයිමන්නාරම පොලීසියට බාර දීමෙන් පසුව පොලීසිය හා ධීවර සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් මේ ධීවරයින් පිරිස මන්නාරම දිසා විනිසුරුවරයාගේ නිල නිවසේදී විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කිරීමන් පසුව දිසා විනිසුරු වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
ඉන්දීය ධීවරයන් 19 දෙනෙක් රිමාන්ඩ්
Recommended Articles