( තිළිණි ද සිල්වා )
සිව් වසරක් පුරා ශ්‍රී ලංකා බලධාරීන් බාරයේ තිබූ ඉන්දීය ධීවර යාත්රා 174 ක් වහා මුදා හැරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව ඉන්දීයාවේ පළවන ඉන්දියන් ටුඬේ පුවත්පත අද (27) වාර්තා කර තිබිණි.
2014 වසරේ ජූනි මාසයේ සිට මෙම වසරේ මේ දක්වා නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම හේතුවෙන් නාවික හමුදා බාරයට පත්වූ ධීවර යාත‍්‍රා මෙලෙස නිදහස් කර ඇති බවද එම පුවත්පත් වාර්තාවේ වැඩදුරටත් දක්වා ඇත.
නීතිපතිවරයාගේ උපදෙස් මත එම ධීවර යාත‍්‍රා නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති අතර ඉකුත් බදාදා (25) දිනයේදී මින් ධීවර යාත්රා 50ක් පමණ නිදහස් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඉදිරි දින වලදී එම ධීවර යාත‍්‍රා සියල්ල ඉන්දියාවට බාරදීමට නියමිත බව වාර්තා වේ.
මෙරට බාරයේ ඇති ඉන්දීය ධීවර යාත‍්‍රාවලින් වැඩි ප‍්‍රමාණයක් පුදුකොට්ටෙයි, නාගපට්නම්, රාමනාදපුරම්, කරයිකාල් සහ තන්ජෝර් යන ප‍්‍රදේශවල ඉන්දීය ධීවරයින්ට අයත් ධීවර යාත‍්‍රා බව සඳහන්ය.