ඉන්දියාවේ හිටපු ජනාධිපති රජිව් ගාන්ධි ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවලට වරදකරුවන් වී සිරඳඬුවම් ලබන හත් දෙනා නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු ආණ්ඩුව කරන ලද ඉල්ලීම ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමිල්නාඩු ආණ්ඩුව කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට එකඟ විය නොහැකි යැයි තම තීරණය දැනුම් දෙමින් ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා අදාළ තීරණය ගෙන ඇත්තේ මෙවැනි කරුණු සම්බන්ධයෙන් පත්කර තිබෙන අමාත්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයේ උපදෙස් අනුවය.
කොටි සංවිධානයේ සාමාජිකාවක විසින් එල්ල කරන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන් 1991 වසරේ මැයි 21 වැනි දා රජිව් ගාන්ධි ඝාතනයට ලක්විය.
මානුෂීය කරුණු සළකා බලමින් මෙම සිරකරුවන් හත්දෙනාට සමාව ලබාදී නිදහස් කරන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව පසුගිය සිව් වසරක කාලයේදී දෙවතාවක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ලිපි යවා ඇත.
ද හින්දු
055