ඉන්දීය ආරක්ෂක උපදේශක ලංකාවට එයි


ඉන්දියාවේ ආරක්ෂක උපදේශක ශිව ශංකර් මිනන් ඇතුළු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් ස‍දහා  අද දහවල් විශේෂ ගුවන් යානයකින්  දිවයිනට පැමිණියහ. 

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමෙන් අනතුරුව එම පිරිස  හෙලිකොප්ටරයකින් කොළඹ බලා පිටත් වූහ.

ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඇතුළු  මෙරට ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට නියමිතය.