ඉන්දීය අගමැති මෝදි පිටත්ව යයි


(ටී.කේ.ජී.කපිල)

ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු පිරිස අද(12) පස්වරු 5.35ට කටුනායක ගුවන්තොටුපළින් යළි ඉන්දියාව බලා පිටත්ව ගියහ.
ඔවුන් පැමිණි ඉන්දීය ගුවන්සේවයට අයත් විශේෂ යානයකින් එම පිරිස් ආපසු පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපළ ආරංචි පවසයි.