ඉන්දීය අගමැති පැමිණි හෙලිකොප්ටරය ගොඩබැස්වීමේදී කාන්තාවකට තුවාල


(රංජිත් රාජපක්ෂ)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැමිණී ඉන්දිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය හැටන්හි ඩන්බාර් කි‍්‍රඩාංගණයට ගොඩ බැස්සවීමේ දී කි‍්‍රඩාංගණය අසල සමනලගම ගම්මානයේ නිවාස තුනක වහලවල් සම්පුර්ණයෙන්ම කැඩි ගොස් එම නිවාස වලට දැඩි අලාභ හානි සිදුව ඇත.

අනතුරින් එක් කාන්තාවක් තුවාල ලබා දික්ඔය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. රෝහල් ගත කළ කාන්තාවකගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප‍්‍රකාශකයකු පැවසීය.

ඉන්දිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා තුනක් ඩන්බාර් කි‍්‍රඩාංගණයේ දී අද (12) දහවල් 12.15 ට පමණ ගොඩ බැස්සවූ අතර මිට දින කිහිපයකට ප‍්‍රථම පෙර පුහුණුවිම් කිරිමේදී ද නිවාස කිහිපයකට අලාභ හානි සිදුවිය.

ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකළ දික්ඔය මුලික රෝහලේ නව වාට්ටු සංකිර්ණය විවෘත කිරිමට හා නොර්වුඩ් කි‍්‍රඩාංගණයේ දී වතුකරයේ ජනතාව ඇමතීමට මෝදි මහතා එහි ගියේය.