ඉන්දියාවේදී සාමාන්‍ය වැසියන්ට වෙඩි තැබීමට විරෝධය පා උතුරේ විරෝධතා



                    
(රොමේෂ් මධුෂංඛ)


ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේ දී පසුගියදා සිදුවූ වෙඩි තැබීමේදී මියගිය සාමාන්‍ය වැසියන් නිරපරාදේ මරාදැම්මේ යැයි ඉන්දියාවට විරෝධය පාමීන් උතුරේ විරෝධතා වැඩසටහන් රැසක් සංවිධානය ඇත.


යාපනය ,කිලිනොච්චිය , මුලතිව් ,මන්නාරම් හා වව්නියාව යන දිස්ත්‍රීක්කයන්හි මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කර ඇති අතර මියගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඔවුන්ගේ ආත්මයන් වෙනුවෙන් ශාන්තිය පතා පහන් දැල්වීමටද විරෝධතාකරුවන් විසින් පියවර ගෙන තිබුණි.

මුලතිව් හාමන්නාරම් දිස්ත්‍රීක්කයන්හි අද (25) දින මෙම විරෝධතා පැවත්වීමට ප්‍රදේශවාසීන් රැසක් විසින් පියවර ගෙන ඇති අතරම කිලිනොච්චිය කන්දසාමී කෝවිල් ඉදිරිපිට හා යාපනය වඩමාරච්චි ප්‍රදේශයන්හී ඊයේ (24) දින ප්‍රදේශවාසීන් රැසක් විසින් මෙම විරෝධතාවයන් සිදු කෙරිණි.

ඉන්දියාවේ තූත්තුක්කුඩි ප්‍රදේශයේ ඉදිකෙරුණු රසායනික කම්හලක් වසාදමන ලෙසට ගම්වාසීන් පිරිසක් විසින් සිදු කරන ලද විරෝධතාවයකදී ගම්වාසීන් විසින් ප්‍රචාණ්ඩකාරීව හැසිරීම හේතුවෙන් පොලීසියේ වෙඩි තැබීමකින් සාමාන්‍ය වැසියන් 12 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබීම හේතුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති හෙයින් වහාම ඉන්දීය රජය විසින් සාධාරණ පරික්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා මොවුහු විරෝධතාවයේ යෙදෙති.