ඉන්දියාවේ රෝහලක ගින්නෙන් 100 කට වැඩි පිරිසක් මරුට
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කොල්කටා නුවර රෝහලක අද අලූයම තුනට පමණ හටගත් ගින්නකින් 100 කට වැඩි දෙනකු පිළිස්සී ජීවිතක්ෂයට පත්වූ තව බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.
ගින්නට හසුවූයේ මහල් පහකින් සමන්විත ‘අම්රි’ රෝහලයි.
පැය පහකට ආසන්න කාලයක් තිස්සේ ගින්න සමඟ සටන් කිරීමෙන් පසු මුළුමනින්ම පාහේ එය නිවා දැමීමට ගිනි නිවන භටයෝ සමත් වූයේ උදෑසන නවයට පමණි.
සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරු පිරිසක් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත

