ඉන්දියාවේ මිසයිල නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන වෙනස් වෙයි


 
(කටුනායක ටී.කේ.ජී.කපිල )
                   ඉන්දියාවේ සිදු කිරීමට නියමිත මිසයිල අත්හදා බැලීමක් නිසා අද (3) සහ හෙට (4)  ශ්‍රී ලංකාවට නැගෙනහිර සහ ඊසාන දිග ප්‍රදේශ වල ගුවන් ගමන් අත් හිටුවන ලෙස ඉන්දීය රජය දැනුම් දී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
                     ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා කාළය තුළ මෙම මිසයිල අත්හදා බැලීමට නියමිත බවද පැවසේ.
                     එහෙයින් මෙම වේලාවන් තුළ , එම ප්‍රදේශ ඔස්සේ හෝ ඒ අසළින් ගුවන් ගමන් සිදු කිරීමට අනතුරුදායක විය හැකි බැවින් , එම දින වල , එම වේලාවල් තුළ එම ප්‍රදේශ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටත්ව යන ගුවන් යානා වල කාලසටහන් වල වෙනසක් ද සිදු කර තිබේ .
                        එමෙන්ම මෙම කරුණු සළකා බලා ශ්‍රී ලංකන් ගුවන් සේවය ද එම කාළ සීමාව තුළ මැලේසියාවේ ක්වාලාලම්පූර් , සිංගප්පූරුව සහ තායිලන්තයේ බැංකොක් බලා යන සහ එන ගුවන් ගමන් කාළසටහනෙහි වෙනසක් සිදු කර තිබේ .
                   මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ , ශ්‍රී ලන්කන් ගුවන් සේවය හෝ ඔබගේ සංචාරක නියෝජිතයන් ඇමතීමෙන් සිදු කළ හැකි බවද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.