ඉන්දියාවේ ප්‍රධාන නගර 6 ක් රතු කලාප ලෙස නම් කරයි


ඉන්දියාවේ ප්‍රධාන නගර 6 ක් කොරෝනා වෛරසය ආසාදන වීමේ දැඩි අවදානමක් සහිත රතු කලාප ලෙස නම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව දිල්ලි අගනුවර, මුම්බායි, චෙන්නායි, බැංගලෝර්, කොල්කටා සහ හයිද්‍රාබාද් නගර මෙසේ රතු කලාප වේ.

වයිරසය ආසාදනය වීමේ අවදානම අනුව රටේ ප්‍රදේශ විවිධ වර්ණවලින් සංකේතවත් කර තිබේ.

රතු වර්ණය දැඩි අවදානම් ප්‍රදේශ සඳහාත් තැඹිලි වර්ණය තරමක අවදානමක් සහිත ප්‍රදේශ සඳහා සහ කොළ වර්ණය අවදානම නොමැති ප්‍රදේශ සඳහාත් ලබාදී ඇත.

කෙසේ වෙතත් කොළ වර්ණය සහිත ප්‍රදේශ නම් කර නැත.

සමස්තයක් වශයෙන් ගත් කල රට පුරා දිස්ත්‍රික්ක 170 ක් රතු කලාප ලෙස නම් කර තිබේ.

විවිධ ප්‍රාන්තවල නිෂ්පාදන සහ කාර්මික කේන්ද්‍රස්ථාන ගණනාවක් රතු කලාපවලට අයත්ය.

ඉදිරි සතිය තුළ මෙම ප්‍රදේශ පරික්ෂාවලට ලක්කර රතු කලාප තැඹිලි කලාපවලටත් තැඹිලි කලාප කොළ කලාප ලෙසටත් පහත හෙළීමට පියවර ගනු ඇත.

-226-

(බීබීසී ඇසුරෙනි)