ඉන්දියාවේ දිනක් තුළ ආසාදිතයින් 5,242ක් වාර්තා වෙයි


අසල්වැසියන් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 5,242ක් වාර්තා වූයේ යැයි එරට බලධාරිහු අද (18) ප්‍රකාශ කළහ.

පැය 24ක් ඇතුළත මරණ 24ක් වාර්තා වූයේ යැයි ද ඉන්දීය බලධාරීහු කීහ. දිනක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන එය වූ අතර ආසියාවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.

ඉන්දියාවෙන් අද (18) පස්වරු 6.30 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 96,492ක් විය. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 3,041කි.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා තවත් සති දෙකකින් මැයි 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද ඉන්දීය බලධාරීහු පියවර ගෙන ඇත.

 

ඒ.එෆ්.පී./රොයිටර්

055