කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 500 ඉක්මවා ඇති බව ඉන්දියානු සෞඛ්‍ය අධ්‍යයන කවුන්සිලය වාර්තා කරයි.
ඒ අනුව පුද්ගලයන් 506දෙනෙකු ආසාදිත තත්වයේ පසුවන බවද, 9 දෙනෙකු මිය ගොස් ඇති බවද පැවසේ.
කර්නාටක, දිල්ලි, ගුජරාටි, පන්ජාබය, බිහාර්, බටහිර බෙංගාලය සහ හිමාචල් ප්‍රදේශයෙන් එක බැගින් මරණ වාර්තා වී ඇත. මහාරාෂ්ට ප්‍රාන්තයේ දෙදෙනෙකු මියගොසිනි.
මහාරාෂ්ට ප්‍රාන්තයෙන් ආසාදිතයන් 97ක් ද, කේරළ ප්‍රාන්තයෙන් 95දෙනෙකුද, දිල්ලියෙන් 30දෙනෙකුද හඳුනාගෙන ඇති බව පැවසේ.
කෙසේවෙතත් මේවනවිට කොරෝනා ආසාදිතයන් 35දෙනෙකු සුවය ලබා ඇති බවද වෛද්‍ය නිලධාරීහු පවසති. ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඉන්දියාවේ දිස්ත්‍රික්ක 600ක මිලියනයකට වැඩි පිරිසක් නිවාසවලට සිර වී සිටිති.
(හින්දුස්ථාන් ටයිම්ස්)
16844

