ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවක දත්ත ජාලයට ඉන්දියාවේ මුම්බායි සිට හොරෙන් ඇතුළුවී බැංකු ගිණුමකින් රුපියල් පනස් තුන් ලක්ෂයක් ගන්නය ගිය හය දෙනෙක් කොහුවල පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් අතර ආචාර්ය උපාධියක් හිමි කාන්තාවක ද , මහනුවුර ව්‍යාපාරිකයකු ද වැවිලිකරුවකු ද සිටින බව පොලිසිය පවසයි.
බැංකුවේ ගනුදෙනුකරුවන් පස් දෙනකුගේ ගිනුම්වලගින් රුපියල් ලක්ෂ පහක් පමණ මීට පෙර අඩු වී ඇතැයි ද, කලක් ගනුදෙනු නොකළ ගිනුමකට එම ගනුදෙනුකරුවන් පස් දෙනාගේ ගිනුම්වලින් මුදල් ඉන්දියාවේ සිටි පුද්ගලයා විසින් මාරු කරන්නට ඇතැයි ද එම මුදළ මෙම පිරිස විසින් වංචා කරන්නට ඇතැයි ද පොලිසිය කියයි.
අනුන්ගේ බැංකු ගිනුම්වලින් දෙහිවල පුද්ගලයාගේ ගිනුමට මුදල් බැර කිරීම සර්ථක වීමත් සමග රුපියල් පනස් තුන් ලක්ෂයක් එම ගිනුම්‍ට බැර කර ඇතැයි ද පොලිසිය පවසයි.
ගනුදෙනුකරුවන්ගේ ගිනුම්වලින් මුදල් අඩුවීම ගැන සෝදිසියෙන් සිටි කලමණාකරු පසුගිය සිකුරාදා රුපියල් පනස් තුන් ලක්ෂයක චෙක්පතක් මාරු කර ගැනීමට ආ තිදෙනකු ගැන පොලිසියට දැන්වීමනේ පසු වංචාවේ සුලමුල සොයා ගත්තේය
මහ මොළකරු ඉන්දියාවේ සිටියි.
අනත්ර්ජාලය ඔස්සේ බැංකු දත්තවලට ඇතුළු වීමේ සින්ධිය ද ඒ සමගම සොයාගෙන ඇත.
ඔහුට එම පුද්ගලයා හමු වී ඇත්තේ මහනුවර ව්‍යාපාරිකයා ඉන්දියාවට ගොස් සිටි අවස්ථාවේදීය.
බැංකුවෙන් ලබා ගන්නා මුදලින් ශ්‍රී ලංකාවේ පිරිසට කොමිස් ගෙවා ඉතිරිය ඉන්දියාවේ සිටින පුද්ගලයාගේ ගිණුමට බැර කිරීම මෙම ජාවාරම බව සොයාගෙන ඇත.
දෙහිවල පුද්ගලයාගේ ගිනුමට ලක්ෂ 53ක් බැර කළ බව මහනුවර ව්‍යාපාරිකයා ඔහුට දැන්වීමෙන් පසු චෙක්පත මාරු කර ගැනීමට බැංකුවට ගොස් සිටි දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් තිදෙනෙක් සොයා ගත් බව පොලිසිය පවසයි.