
ඉන්දියාවේ, සෑම ආසාදිත පුද්ගලයකුගෙන් ම තවත් පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමේ සාමාන්‍ය අගය 1.7%ක් බව චෙන්නායිහි ගණිත සහ විද්‍යාව පිළිබඳ උසස් ආයතනයේ විද්‍යාඥවරුන් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
ලෝකයේ සෙසු රටවල්වලට සාපේක්ෂව මෙම අගය ඉතා අඩු මට්ටමක පවතින බවද එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.
අද වනවිට ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 169 දක්වා ඉහළ ගොසිනි.
වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් වන අතර, එම අගය 45කි. දිල්ලි ප්‍රාන්තයේ ආසාදනය වූවන් සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොසිනි.
මේ අතර, අද සිට මාරුතු 31 දක්වා කාලය තුළදී ඉන්දියාවට පැමිණෙන ඉන්දීය ජාතිකයන් 26,000ක් නිරෝධායනයට යොමුකිරීමට බ්‍රිහාන් මුම්බායි නාගරික සංස්ථාව තීරණය කර ඇත.
ඊයේ දිනයේදී සිඩ්නි නුවර සිට පැමිණ, වයිරසය ආසාදනය වී ඇති බවට සැකකරන ආසාදිත පුද්ගලයකු නිරෝධායනය සඳහා රඳවා තිබූ සෆ්දාර්ජුන් රෝහලේ 7 වන තට්ටුවෙන් බිමට පැන ඇති අතර, තුවාල ලබා මියගොස් ඇතැයි වාර්තා වේ.
ඊයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උසස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, අද රාත්‍රියේදී ඔහු ජාතිය ඇමැතීමට නියමිතය.

