(ඩයනා උදයංගනී)
අග‍්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපය යටතේ අරලිය ගහ මන්දිරයේදී ප‍්‍රදර්ශනය කෙරෙන ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර සහ පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ප‍්‍රථම වරට වැඩම කරවූ ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේලා සහ විදේශීය කෞතුක වස්තු ප‍්‍රදර්ශනය වෙනුවෙන් තැන්පත් කිරීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (29) සිදු කැරිණි.
එහිදී අග‍්‍රාමාත්‍යවරයා විසින් සරානාත් සිට වැඩම කරවූ ධාතූන් වහන්සේලා කරඬුවෙහි තැන්පත් කරනු ලැබිය.
නේපාලයෙන් හා භූතානයෙන් මෙරටට වැඩම කරවන ලද ඉපැරණි දීපංකර බුද්ධ ප‍්‍රතිමාව, ශාක්‍ය මුනි බුද්ධ ප‍්‍රතිමාව, මෛත‍්‍රී බෝසත් ප‍්‍රතිමාව ඇතුලූ කෞතුක වස්තු රැසක් මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ.
සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුලූ බෞද්ධ කෞතුක වස්තු වැඳපුදා ගැනීමේ අවස්ථාව අද පස්වරු 7.00 සිට මැයි 03 වන දින පෙරවරු 4.00 දක්වා අඛණ්ඩව මහජනතාවට හිමි වන බව සංවිධායක මණ්ඩලය පවසයි.
බුද්ධ රශ්මි වෙසක් කලාපය අරලියගහ මන්දිරය හා ගංගාරාම විහාරස්ථානය අවට පරිශ‍්‍රය තුළ අද සිට මැයි 3 වැනිදා දක්වා පැවැත්වේ.
ඡායාරූප - ලහිරු හර්ෂණ