
(අංජුල මහික වීරරත්න)
උසස් ප්‍රමිතියෙන් යුත් නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කර මේ මස අගදී වී ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
බහුලව වී ගොවිතැන් කරන අම්පාර ඇතුළු දිස්ත්‍රික්වලට මුලින්ම නයිට්‍රජන් දියර පොහොර ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.
අම්පාර දිස්ත්‍රික්කයට අවශ්‍ය කොම්පෝස්ට් හා කාබනික දියර පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් යන පොහොර වර්ග තුනම මේවන විටත් අම්පාර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
මෙවර මහ කන්නයේ වී වගාවෙන් ආදායම අඩු වුව හොත් එලෙස අඩු වන අදායම වෙනුවට රජයෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බවට සහතික වීමත් සමඟ ගොවීන් කුඹුරු වගා කීරිමට පෙළඹී ඇති බව දිස්ත්‍රික් බොහෝමයක ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරුන් තමාට දැනුම් දී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

