ඉන්දියාවෙන් ගෙනා කෝටියක කුඩු අල්ලයි


ඉන්දියාවේ සිට මුහුදු මගින් ගෙනා හෙරොයින් මත් කුඩු තොගයක් තලේමන්නාරම ඌරුමලේ නිවසකින් සොයාගත් පේසාලේ පොලිසිය රුපියල් කෝටියක පමණ වීදි වටිනාකමක් ඇතැයි කියන එම කුඩු මන්නාරමට ගෙන යෑමට තුබූ ත‍්‍රිරෝද රියක් ද සොයාගෙන ඇත. දෙදරු මවක් හා පිරිමි තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.