(ටී.කේ.ජී.කපිල )
දඹදිව වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 210 ක පිරිසක් ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඔවුහු රාත්‍රී 10.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පැමිණි සියල්ලන් නීරෝධායන කටයුතු සඳහා නියමිත මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලදී.

