
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් දක්වා ක්‍රියාත්මක වූ මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා තාවකාලිකව නවතා ඇත
එම මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත
මෙම මගී ප්‍රවාහන සේවය පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මස 14 වන දින ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාවේ සිට සහ ඉන්දියාවේ සිට දෛනිකව සංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ විදේශිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම  නෞකාවෙන් ගමන් කරති

																	
																	
																	
																	
																	
																	