මොනෝසෝඩියම් ග්ලූටාමේට් හෙවත් එම්.එස්.ජී අනුමත ප්‍රමාණයට වඩා ඇතුළත් මැගී නූඩ්ල්ස් ටොන් 27,420ක් සිමෙන්ති උඳුන්වලට දමා නෙස්ලේ සමාගම විසින් විනාශ කරන ලද බව විදෙස් වාර්තා කියයි.
ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා හා තත්ත්ව පාලන අධිකාරිය මගින් කළ පර්යේෂණවලදී අදාළ නූඩ්ල්ස් නිෂ්පාදනයේදී එම්.එස්.ජී වැඩි ප්‍රතිශතයක් ඇතුළත්ව ඇති බවත් එම රසකාරකය මිනිස් සිරුරට අහිතකර බවත් සොයාගෙන ඇත.

