ඉන්දියාව මානව හිමිකම් මණ්ඩලේට මොළේ දෙයි


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා නැගී ඇති ශී‍්‍රලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් වඩා යෝග්‍ය වන්නේ අන්තර්ජාතික පරීක්ෂණයක් නොව ජාතික මට්ටමින් කි‍්‍රයාත්මක වන විධිමත් පරීක්ෂණයකට අන්තර්ජාතික සහය දීම බව ඉන්දියාව අවධාරණය කර ඇත.

කවුන්සිලය සිදුකළ යුතු වන්නේ වෙනම පරීක්ෂණයක් පැවැත්වීම නොව ශී‍්‍රලංකාවේම දැනට කි‍්‍රයාත්මක වන පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා දීම යැයි ඉන්දියාවේ අදහස වී තිබේ.

තවද සිදුකිරීමට යන පරීක්ෂණය රටින් පිට සිට සිදුකිරීමත්, පරීක්ෂණ කටයුතු සදහා මුදල් යෙදවෙන්නේ කෙසේදැයි මෙතෙක් හෙළි කර නොතිබීමත් පරීක්ෂණයේ විනිවිදභාවය ගැන ගැටළු මතු කරන්නක්යැයි ඉන්දියාව පවසා ඇත. පරීක්ෂණය සම්බන්ධ සියලූ කරුණු මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් සියල්ල හා හුවමාරු කර ගත යුතුයැයි ඉන්දියාව කියා තිබේ.

උගත් පාඩම් හා සංහිදියා වාර්තාවේ ඇති යෝජනාවන් ස්ථාපිත කිරීමෙන් ශී‍්‍රලංකාවේ දේශපාලන අරගලයට ස්ථිරසාර විසදුමක් සොයාගත හැකි බව ඉන්දියාවේ විශ්වාසයයි.

අතුරුදන්වූ පුද්ගලයින්,රැුඳවුම් කදවුරු වල සිටින්නන්,ආරක්ෂක කලාප ඉවත් කිරීම්,ආරක්ෂක අංශ සතු කරගෙන සිටින ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත ලබාදීම්, ආදී උගත් පාඩම් හා සංහිදියා වාර්තාවේ ඇති යෝජනාවන් වහාම කි‍්‍රයාත්මක කරන්නැයි තමන් ශී‍්‍රලංකාවට නැවත නැවතත් මතක් කර සිටින බව ඉන්දියාව පවසා ඇත.

දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශී‍්‍රලංකාවේ රජයට ඇති වගකීම ගැනද සඳහනක් කර ඇති ඉන්දියාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මත පිහිටවෙන සාර්ථක දේශපාලන විසදුමක් ඒ සදහා අවශ්‍ය බව යන මතයේ සිටී.

එසේවුවත් දේශපාලන විසදුමක් ලැබෙන තෙක්ම නොසිට දෙමළ ජනතාවද ශී‍්‍රලංකාවේ අනෙක් ජන කොට්ඨාශ හා අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ශක්තිමක් බැදීම් ගොඩනගා ගත යුතුව ඇතැයිද ඉන්දියාව කියා ඇත.