ඉන්දියාව පළමු ටෙස්ට් තරගය ජයගනී
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ෆෙරෝෂා කොට්ලා පිටියේදී අද (9) නිමා වු පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දිය කී‍්‍රඩකයෝ කඩුලූ 5 ක ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තේය.
ජයග‍්‍රහණය සඳහා ඉන්දියාවට දෙවැනි ඉනිමේදී ලකුණු 276 ක් ලබා ගැනීමට තිබු අතර එම ඉලක්කය කඩුලූ 5 ක් දැවී සපුරා ගැනීමට සමත්විය.
බටහිර ඉන්දිය කොදෙව් පිල පළමු ඉනිම 304 (ශිවනරීන් චන්ද්‍රපෝල් 118, ක්‍රෙග් බ‍්‍රැක්වෙයිට් 63, ප‍්‍රාග්යන් ඕජා 72/6, රවිචන්ද්‍රන් අස්වින් 81/3) සහ දෙවැනි ඉනිම 180 (ශිවනරීන් චන්ද්‍රපෝල් 47, රවිචන්ද්‍රන් අස්වින් 47/6)
ඉන්දිය පිල පළමු ඉනිම 209 (විරේන්ද්‍ර සෙවැග් 55, රාහුල් ද්‍රාවිඞ් 54, ඩැරන් සමී 35/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 276 (විරේන්ද්‍ර සෙවැග් 55, සචින් තෙන්ඩුල්කාර් 76, වී.වී.එස්.ලක්‍ෂමන් නොදැවී 58, ඩැරන් සමී 56/2)

