ඉන්දියාව දෙවැනි ටෙස්ට් තරගයත් ජයගනී


සංචාරක බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ඉන්දිය පිල අතර කොල්කටා’හි පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 15 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දිය ක‍්‍රීඩකයෝ ඊයේ (17) සමත්වුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් තරගයක් ඉතිරිව තිබියදීම, තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 478 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිලේ දෙවැනි ඉනිම ලකුණු 463 කට සීමා විය. කොදෙව් පිලේ පළමු කඩුලූ 4 ලකුණු 269 කට දැවී යද්දී, ඩැරන් බ‍්‍රාවෝ (136) සහ මාලන් සැමුවල් (84) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 132 ක සම්බන්‍ධතාවක් ගොඩ න`ගමින් සිය පිල ලකුණු 400 සීමාවට ගෙන ඒමට සමත්වුහ. ඩැරන් බ‍්‍රාවෝ පන්දු 181 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර හතරක් සමග සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කළේය. තරගයේ වීරයා ලෙස වී. වී. එස්. ලක්‍ෂමන් සම්මාන ලැබීය. ඉන්දිය පිල පළමු ඉනිම කඩුලූ 7 ක් දැවී 631 (ගෞතම් ගම්බීර් 65, විරෙන්ද්‍ර සෙවැග් 38, රාහුල් ද්‍රවිඞ් 119, සචින් තෙන්ඩුල්කාර් 38, වී. වී. එස්. ලක්‍ෂමන් නොදැවී 176, යුවරාජ් සිං 25, මහේන්ද්‍ර සිං දෝනි 144, ඩැරන් සමී 132/2, කැමර් රොච් 106/2) කොදෙව් පිල පළමු ඉනිම 153 (ඩැරන් බ‍්‍රාවෝ 30, මාලන් සැමුවල් 25, ප‍්‍රාග්යන්  ඕජා 64/4, උමේෂ් යාදෙව් 23/3, රවිචන්ද්‍රන් අස්වින් 49/2) සහ දෙවැනි ඉනිම 463 (ආද්‍රියන් බරාත් 62, ක‍්‍රික් එඞ්වඞ් 60, ඩැරන් බ‍්‍රාවෝ 136, ශිවනරීන් චන්ද්‍රපෝල් 47, මාලන් සැමුවල් 84, ඩැරන් සමී 32, උමේෂ් යාදෙව් 80/4, ඉෂාන්ත් ෂර්මා 95/2, ප‍්‍රාග්යන්  ඕජා 104/2, රවිචන්ද්‍රන් අස්වින් 137/2) ඩැරන් බ‍්‍රාවෝ