කොරෝනා වයිරසය ව්‍යාප්තිය හමුවේ මනුෂ්‍යත්වයට නොගැළපෙන ක්‍රියාවන්ට වැට බැඳෙන තීන්දුවක් ගැනීමට ඉන්දියාවේ රාජාස්ථාන ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන කල්රාජ් මිශ්‍රා තීරණය කර තිබේ.
ඒ අනුව රාජාස්ථාන් ප්‍රාන්තයේ කිසිවෙකුට කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ප්‍රාන්තයේ අසරණ ජනාතාවට සලාක සහ බත් පාර්සල බෙදා දෙන අවස්ථා ඡායාරූපගත කිරීම තහනම් වනු ඇති.
මධ්‍යම රජය ලබා දෙන ආධාර හා උපකාර ලබා ගැනීමේ අයිතිය හා ප්‍රමුඛතාව දරිද්‍රතාවයෙන් පෙළෙන වැසියන්ට හිමි බව ආණ්ඩුකාරවරයා අදහස් දක්වමින් පෙන්වා දී ඇත.
ඔවුන් වෙනුවෙන් ලබා දෙන, ආධාර උපකාර තම ප්‍රතිරූප ප්‍රවර්ධනය කරගැනීමට අවස්ථාව ලබා නොදීමට ඉහත තීරණය ගෙන ඇත.
දුප්පතුන් අතර ආහාර හා සලාක බෙදා හැරීම සේවාවක් ලෙස සිදුවිය යුත්තක් බවත් එය ප්‍රසිද්ධිය සඳහා සිදු කරන්නක් හෝ තරගකාරී ක්‍රියාවක් නොවිය යුතු බවත් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය අශෝක් ගෙලෝට් පවසා ඇත.
ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුටත් සඳහන් කර ඇත්තේ, මෙම අවස්ථාවේ දුප්පත් ජනතාවට උදව් කිරීම සඳහා ස්වේච්ඡා සංවිධාන සහ අනෙකුත් සංවිධාන දිරිගැන්විය යුතුව ඇති බවයි.
කෙසේ වෙතත් මෙම කටයුතුවලදී සමාජ දුරස්ථභාවය තබා ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර තිබේ.
අසරණව කුසගින්නේ සිටින පුද්ගලයෙකුට ආහාර මල්ලක් ලබා දී එය තම ප්‍රසිද්ධිය වෙනුවෙන් භාවිත කළ යුතු යැයි යමෙකුට සිතන්නේ, නම් එය කිසිසේත් ම මනුෂ්‍යත්වයට ගැළපෙන්නක් නොවේ.
නමුත් අපට එවන් ක්‍රියා මෙම සමාජයේ කොතෙකුත් දැක ගැනීමට හැකියි.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව ඊයේ (15) වන විට රාජස්ථාන් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 969ක් වාර්තා වී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යව 3කි.
( 125)
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි

