ඉන්දියාව කඩුලූ 1 ට 81 යි
‘කොමන්වේල්ත් බැංකු කුසලාන’ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (8) පර්ත්’හිදී පැවැත්වෙන තරගයේ ලකුණු 234 ක ඉලක්කයක් හඹා යන ඉන්දිය පිල ඕවර 16 ක් අවසානයේදී කඩුලූ 1 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටියේය. ඒ වන විට සචින් තෙන්ඩුල්කාර් (නොදැවී 46) සහ විරාට් කෝලි (නොදැවී 24) පන්දුවට පහර දෙමින් සිටියහ. විරේන්ද්‍ර සෙවැග් ලකුණු 10 ක් ලබා සිටියදී දවා ගැනීමට ලසිත් මාලිංග සමත්විය.

