ඉන්දියානුවාගේ මල්ලේ ලක්ෂ 50ක රන් කුට්ටියක්


ටී.කේ.ජී.කපිල
 
රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා රත්තරන් කුට්ටියක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 48 හැවිරිදි ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
 
කිලෝ ග්‍රෑම් එකක් බර රත්තරන් කුට්ටිය සිය ගමන් මල්ලේ සඟවා ගෙන  ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි .