ඉන්දියා ගෘහ සේවිකාවන් සෞදි අරාබියට පැමිණෙන්නේ නම් සෞදි රියාල් 1200 (රුපියල් 41681.16) ක වැටුපක් ගෙවීමට තීරණය කර ඇති බව සෞදි අරාබියේ ජාතික රැකියා බදවා ගැනීමේ කමිටුව (රියාද්) සෞදි පුවත් පත් වලට අදහස් දක්වයි.
ඉන්දියා කාන්තාවන් මෙරට ගෘහ සේවිකාවන් ලෙස රැකියාව කරනුයේ ඉතා අතලොස්සකි.
එම පුවත් පත් සදහන් කරනුයේ නව සෞදි කම්කරු නීතිය අනුව ඉන්දියා කාන්තාවක් මෙරට ගෘහ සේවිකාවක් ලෙස පැමිනෙන්නේ නම් අය සදහා සෑම දිනකම විවේක කාලයක් සමග වාර්ෂිකව දින 15 ක හෝ ද්වි වාර්ෂිකව දින 30 ක නිවාඩුවක් ලබාදීමටත් ඉන්දියාවට යෑමට ඒමට ගුවන් ටිකට් පත නොමිලේ ලබාදීමටත් සෑම මසකම අවසානයේ අයගේ වැටුප සෞදි බැංකුවක තැන්පත් කර ඒ බව කම්කරු අමාත්‍යංශයට දන්වා කැමැත්ත මත ඉන්දියා බැංකුවකට යැවීමටත් ක්‍රියා කරන බව එම පුවත්පත කියයි
නව කම්කරු ගිවිසුම ප්‍රකාරව වයස අවරුදු 25 සිට 50 දක්වා වූ ඉන්දියා කාන්තාවන් පමණක් සෞදියට ගෙන්වීමට තීරණය කර ඇති අතර සෞදි අරාබියට පැමිණීමට පෙර ගෘහස්ත පාලනය පිළිබද විශේෂ පුහුණුවක් ලබාදීමටද ඉන්දියා කම්කරු ආයතන පොරොන්දුවී ඇත .
කෙසේ වුවද ඉන්දියා රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත වයස 25 ට නොඅඩු කිසිදු කාන්තාවක් වෙදෙස් රටක ගෘහසේවිකාවන් ලෙස නොයවන බවද සදහන් වේ,
මෙම ඉන්දියා සහ සෞදි අරාබියා නව ගිවිසුම මගින් බොහෝදුරට ශ්‍රී ලාංකික කාන්තාවන් සදහා කිසියම් අභියෝගයක් එල්ල විය හැකි අතරම සෞදියට ශ්‍රී ලාංකික කාන්තාවන් ලබා ගැනීමේ යම් පසු බෑමක් ඇතිවිය හැකිය,
සෞදි ශ්‍රී ලංකා ගිවිසුම් ප්‍රකාරව මෙතෙක් ශ්‍රී ලාංකික කාන්තාවකට ගෙවනුයේ සෞදි රියාල් 1000 කට (රුපියල් 34734.3 ) අඩු වැටුපකි.

