ඉන්දියා සහායත් ලංකාවට


එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශවලට සහ ලක් රජයට වාසි වන අයුරින් ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට සහය පළ කිරීමට ඉන්දියාව තීරණය කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත අද(30) වාර්තා කළේය .

ශ‍්‍රී ලංකා රජය සුළුතර දෙමළ ජනතාව වෙනුවෙන් ගෙන ඇති ධනාත්මක පියවර සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් සාධනීය කි‍්‍රයාමාර්ග ඉන්දීය රජයේ මෙම තීරණයට හේතුවී ඇති බවයි එම පුවත්පත පෙන්වා දෙයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්දේශ පිළිබඳව ද ඉන්දීය රජයේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව, ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ අධිකරණයක් පිහිටුවීම වෙනුවට ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව සැදුම්ලත් අධිකරණයක් පිහිටවිය යුතු බවටයි ඉන්දියාව ද ප‍්‍රකාශ කර සිටින්නේ. එමෙන්ම, ශ‍්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරමින් එය සිදුවිය යුතු බව ද ඉන්දීය රජය විශ්වාසය පළ කරන බව එම පුවත්පත පවසයි.