ඉන්දියා නියෝජිතයෝ එති


ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශ්වික සබදතා තරකැර ගැනීමේ අරමුණෙන් ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයෝ මෙරටට පැමිණියහ. එරට විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මියගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට 12 දෙනෙක් අයත් වෙති.  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් හමුවීමට බලාපොරොත්තුවන මෙම කණ්ඩායම උතුරේ, කදුකරයේ සහ කොළඹ සිටින දෙමළ ජනතාව මුණ ගැසීමට ද අපේක්ෂිතය. ඔවුහු සතියක් මෙහි සිටිති. ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයෝ මෙම කණ්ඩායමට ඇතුළු නොවෙති.