කල්පිටියේ මුහුදේ අනවසරයෙන් මාළු ඇල්ලූ ඉන්දියා ධීවරයන් 15 දෙනා ලබන 6 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මසිල් අබුතාහීර් මහතා නියෝග කළේය.
ඔවුන් ළඟ තිබූ මාළු කිලෝ 60ක් ද ධීවර සංස්ථාවට බාර දෙන ලෙසත් ඔවුන් ගේ යාත්‍රා නාවික හමුදාව බාරේ ආරක්ෂා සහිතව තබන ලෙසත් නියෝක කළේය.

