ඉන්දියා ධීවරයන් 13ක් අත්අඩංගුවට


සිරාජ් හසීම් සහ රොමේෂ් මධුෂංඛ 
 
යාපනය කච්චිතිව් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු හා ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රා දෙකක් අද   අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
 
උතුරු නාවික විධාන මූලස්ථානයට අයත් යාත්‍රාවකට  කච්චතිව් දූපතට නිරිත දෙසින් වූ මුහුදු තීරයේදී අදාල ඉන්දීය ධීවර යාත්‍රා නිරීක්ෂණය වීමෙන් අනතුරුව එම ධීවර යාත්‍රා දෙකේ සිටි ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී ඉන්දීය ධීවරයින් විසින්අල්ලා තිබූ මසුන් තොගයද සහ අත්අඩංගුවට ගෙන ඇති අතර ධීවරයින් පිරිස කන්කසන්තුරෙයි නාවික හමුදා කඳවුරට රැගෙන ඒමෙන් පසුව යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට පියවර ගෙන ඇත.