ඉන්දියා අගවිනිසුරු අයි.පී.එල් කණ්ඩායම් දෙකක් දවයි


මුදලට ක්‍රිකට් තරග පාවාදුන් බවට චෝදනා ලැබූ ඉන්දීය අයි.පී.එල් කණ්ඩායම් දෙකකට වසර දෙකක අයි.පී.එල් තරග තහනමක් පැනවීමට දිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කළේය.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එසේ දඬුවම් නියම කෙරිණි.

අග්‍ර විනිශ්චයකාර ආර්.එම්.ලෝදාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නිලධරයකු වන ගුරුනාත් මෙයියප්පන්ට හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරු රාජ් කුන්ද්‍රාට ජීවිතාන්තය තෙක් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවීමද තහනම් කෙරිණි.

web1

අගවිනිසුරු - රාජේන්ද්‍ර මල් ලෝදා

web2

චෙන්නායි සුපර් කිංග්ස් නිලධාරී - ගුරුනාත් මෙයියප්පන්

web3

රාජස්ථාන් රෝයල්ස් හිමිකරු - රාජ් කුන්ද්‍රා