ඉන්දියන් බීඩිකොළ පන්නන්න බැරිවෙයි


(පද්මා කුමාරී කංකානම්ගේ )

ඉන්දියාවේ සිට මුහුදු මගින් රේගු නීතී උල්ලංඝණය කරමින් නීතී විරෝධීව මෙරටට ගෙන්වන ලද,ඉන්දියන් බීඩී කොළ ඇසුරුම් 13 ක්,බොලෙරෝ කැබ් රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී එහි රියදුරු ද සමඟ කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව  කල්පිටිය පොලිසිය කියයි.

මෙම බීඩී කොළ තොගයේ දළ වටිනාකම ලක්ෂ 400 ක් පමණ  බව කියයි. බීඩී කොළ ඇසුරුම් ජලය කාන්දු නොවන සේ ඉතා සුරක්ෂිතව අසුරා තිබුණු අතර,කිලෝ ග්‍රෑම් 408 ක් එහි තිබිණි.

සැකකරු පස් වන හරස් වීදීය පුත්තලම යන ලිපිනයේ ස්ථිර පදිංචිකරුවකු වන අතර, තලවිල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි 28 හැවිරිදි අයෙකි.

සැකකරු සහ නඩු භාණ්ඩ කටුනායක රේගු කාර්‍යාලය වෙත භාර දීමට නියමිත ය.කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්ව යි.