ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයකු වන ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනිය සමයේ ධීවර හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි ඔහු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හා හිටපු කොළඹ පුරපති ප්‍රසන්න ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහෝදරයකුද වේ.
මිය යන විට ඉන්දික ගුණවර්ධන මහතා 72 වැනි වියේ පසුවිය.
ඒ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

