ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි


ජනප්‍රිය  නළුවෙකු සහ ගායකයකු වන ඉන්දික ගිනිගේ මහතා ඊයේ රාත්‍රීයේ (23) අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 37 වැනි වියේ පසුවිය.

ශ්‍රි ලංකා ගායකයන්ගේ සංගමයේ සභාපති කිර්ති පැස්කුවෙල් මහතා පැවසුවේ ඔහු මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බවයි.

ගායක ඉන්දික ගිනිගේ අවසන් කටයුතු  මහයියාව පොදු සුසාන භූමියේ  දී හෙට (25) පස්වරු 4 ට සිදු කිරිමට නියමිතය.

 

28535