ඉන්ද්‍රනාථ තේනුවරගේ දස්කම් විස්කම්


ප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ලේඛකයකුවන ඉන්ද්‍රනාථ තේනුවර මහතාගේ අලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය ජුනි මස 12 සිකුරාදා සිට 15 සඳුදා දක්වා උදේ 9.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ කොල්ලුපිටියේ ෆොටෝ ටෙක්නිකා ගැලරියේ දී මහජන දැක්ම සඳහා විවෘත වෙයි. ප්‍රදර්ශනය දිනවල දී ආලෝක පින්තාරු සියල්ල ම පොත හා ඩිජිටල් ඡායාරූපකරණය පොත ද සහන මිලට ලබාගැනීමේ අවස්ථාව ඇත.

මේ ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ ලංකාවේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත දැවැන්ත පසුතල, ගෘහස්ත විදුලි පන්දම් ආලෝකයෙන් පමණක් ආලෝකවත් කර නිර්මාණ්‍ය කැර තිබීමයි. මේ සඳහා නිවෙස්වල භාවිතා කරන එහෙත් ප්‍රබලතාවෙන් වැඩි ටංස්ටන් බල්බ වලින් නිකුත් කරන අලෝක කදම්භ හා එල්.ටී.ඩී විදුලි පන්දම් භාවිතා කැර ඇත. ඩිජිටල් කැමරාවේ සංවේදක ආලෝකයට දක්වන දෝෂයක් උපක්‍රමයක් ලෙස ප්‍රයෝජනයට ගනිමින් මේ ඡායාරූප ගැනීම සිදුකරයි.

Indranatha-Thenuwara Madirigiriya Sigiriya

01 Doric Banglow 04 Maduwanwela Walawwa 07 Wessagiriya Stone temple 12 Nine Arch 13 Bogoda Bride 19 King Parakramabahu Maligawa 21 Lankathilaka Imege House Torche