( ජයන්ත සමරකෝන් )
සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ( 23) ජනාධිපති විශේෂ සමාව හිමි වන බවට ලත් ආරංචිය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් අද (23) වැලිකඩ බන්ධනාගාර රෝහලවෙත පැමිණ තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා උදෑසන ඥානසාර හිමියන් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.
ඒ සමඟම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ජේ. ඩබ්ලිව් තෙන්නකෝන් මහතාද වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් ඥාන සාරහිමියන් හමු වී ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
එමෙන්ම බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු පිරිසක්ද මේ වන විට බන්ධනාගාර රෝහලට ගොස් සිටිති.
ඥානසාර හිමිට නිදහස ලැබෙන පුවත සැලවීමත් සමඟ ඥානසාරහිමියන්ගේ මව ද පැමිණ ඇතැයි දැනගන්නට ඇත.
අද(23) දහවල් වන විට ඥානසාරහිමි බන්ධනාගාර රෝහලෙන් බන්ධනාගාරයට රැගෙන යාමට නියමිත අතර එහිදී එහිදී උන්වහන්සේ නිදහස් කිරීමට නියමිත බවද ඒ සඳහා බන්ධනාගාරය සඳහා පිටත්ව යාමට මේ වන විට ඥානසාරහිමියන් සුදානම් බවද බන්ධනාගාර ආංචි මාර්ග සඳහන් කළේය.

