( තිළිණි ද සිල්වා )
ඉදිරි දෙවසරක කාලය තුළ දිවයින පුරා නව අපනයන කලාප 14 ක් ස්ථාපිත කරන බව ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (15) පැවසීය.
නව අපනයන ආර්ථිකයකට රට යොමු කරමින් මෙරට අපනයන කලාප ප්‍රමාණය දෙගුණ කිරීම යටතේ මෙම නව අපනයන කලාප පිහිටුවන් බවත් , ඒ සදහා අවශ්‍ය මූලික ප්‍රතිපාදන හා අනුමැතීන් මේ වන විටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබා දී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ඒ අනුව ඖෂධ නිෂ්පාදනය සදහා ඔයාමඩු,හම්බන්තොට හා මිල්ලනිය නව ආයෝජන කලාප තුනක් ද , නව තොරතුරු තාක්ෂණ සේවා වෙනුවෙන් සූරියවැව, හේනගම, කුණ්ඩසාලේ ප්‍රදේශ ආයෝජන කලාප තුනක් ද, එරවුර් හී රෙදිපිළි නිෂ්පාදන ආයෝජන කලාපයක්ද, කෘෂි නිෂ්පාදන අපනයනය කලාපය සදහා ආරබොක්ක ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ද , රාබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කලාපයක් මිල්ලනිය හා බිංගිරිය ප්‍රදේශයේද මෙම නව ආයෝජන කලාප ඉදිවන බවද රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා කීවේය.
මෙතෙක් පැවති ආයෝජන කලාප ප්‍රමාණය දෙගුණ කරමින්, නිෂ්පාදන හා අපනයනය ක්‍රියාවලිය නව දිශානතියකට ගමන් කරවීම රජයේ අපේක්ෂාව වන බවත්, අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීමත්, මෙරට ආනයනය වියදම පහල නැංවිම එමගින් අපේක්ෂා කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම නව ආයෝජන කලාප ඇති කිරීම තුලින් සියළු අංශයන්හි දිගු කාලීන ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා කියා සිටියේය.

