(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවලියක් ලබන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
මීළඟ ආණ්ඩුව බලයට පත්වූ පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාගෙන ව්‍යවස්ථා වෙනසක් කරන බවද විපක්ෂනායකවරයා කීවේය.
ඒ සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පවත්වන බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

