(ඉන්දිකා රාමනායක)
ග්‍රෑන්ඩ්පාස් තොටළග ඉදිකරමින් පැවැති දෙමල් නිවසක් කඩා වැටීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එම නිවස ඉදිකරමින්සිටි පෙදරේරුවකු හා යාබද නිවස සිටි 14 හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.
නිවස කඩා වැමීමෙන් එම සුන්බුන්වල මොවුන් දෙදෙනා සිරවී සිටියදී අවට පිරිස් බේරාගෙන ඇත.
සිද්ධියෙන් තුවාල ලැබු දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

